
මෙම ආචාර්ය උපාධිය ඔහු ලබාගෙන ඇත්තේ සිය නිබන්ධනයේ ලකුණු වෙනස් කරමින් බවට චෝදනා එල්ල වී ඇත.
එමෙන් ම තමන්ට විදේශීය විශ්වවිද්‍යාලයක ආචාර්ය උපාධියක් ඇතැයි මෙම ආචාර්යවරයා ප්‍රසිද්ධ කර ඇතත්, මේ දක්වා කර ඇති පරීක්ෂණ අනුව එවැනි ආචාර්ය උපාධියක් ඔහුට නැතැයි හෙළි වී තිබේ.
මහාචාර්යවරයකු ලෙස පෙනී සිටිමින් ඔහු පසුගිය දිනක රූපවාහිනි වැඩසටහනකට ද එක්ව ඇති අතර, එම වැඩසටහනට ඔහු කැඳවීම සම්බන්ධයෙන් එහි නිෂ්පාදකට අදාළව ද පරීක්ෂණයක් පැවැත්වෙන බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.
තමා කැලණිය විශ්වවිද්‍යාලයෙන් සහ විදේශීය විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධි ලබා තිබෙන බව එම වැඩසටහනේදී ද ඔහු සඳහන් කර ඇත.
(නිලන්ත මදුරාවල)
Comments
Post a Comment
Your comment will be visible after approval