
කතරගම අභිනවාරාම විහාරස්ථානයට අයත් අසේල නමැති අලියාට රසායනික ද්‍රව්‍යයක් යෙදූ පැණි කොමඩු ගෙඩියක් දුන් බව කියන පුද්ගලයෙකු කතරගම පොලීසිය විසින් පෙරේදා (19දා) අත්අඩංගුවට ගත් බව කතරගම පොලීසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇත් ගොව්වා වන තුෂාර ප්‍රියදර්ශන නමැති අයෙකු පොලීසියට පැමිණිලි කොට ඇත.
අලියාට මෙම කොමඩු ගෙඩිය ලබාදුන් පසු අලියාගේ මුඛය රත් වීමත් සමගම එය බිම හෙලා ඇති බවත්, අලියාද නොසන්සුන් වී මුඛයෙන් සෙම වගුරුවමින් සිටි නිසා ඌව කලාපය භාර පශුවෛද්‍ය නිලධාරී ආනන්ද ධර්ම කීර්ති මහතා කැඳවා ප්‍රතිකාර ලබාදී ඇති අතර විෂ ශරීරගත වී නැති බව ඒ මහතා ප්‍රකාශ කොට ඇත.
අසේල නමැති මෙම අලියා පැටවා කුඩා කාලයේදී අභිනවාරාම විහාරස්ථානය වෙත පූජා කොට ඇති අතර කුඩා කාලයේ සිට පෙරහරේ ගමන් කිරීමට පුරුදු පුහුණු කර තිබේ.
මේ වන විට අලියාට වයස අවුරුදු 18ක් පමණ වේ.
මීට පෙර අලියා භාරව සිටි බව කියන ඇත්ගොව්වා කිසියම් අක්‍රමිකතාවයක් හේතුවෙන් ඉවත්කොට ඇති බවත්, එම පුද්ගලයා විසින් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයාට වස යෙදූ කොමඩු ගෙඩිය අලියාට දෙන ලෙසට දුන් උපදෙසක් මත මෙය දුන් බවත් අත්අඩංගුවට පත් සැකකරු පොලීසියට ප්‍රකාශ කොට ඇත.
වස දීමට සැලසුම් කළ බව කියන පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කතරගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.
සූරියවැව - නුවන් ජයසේකර
Comments
Post a Comment
Your comment will be visible after approval