
කඳාන, උස්වත්ත, පල්ලිය පාර ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය අඩංගු කර්මාන්ත ශාලාවකට අයත් ගබඩාවක ඊයේ (08 වැනිදා) උදෑසන 7.30 ට පමණ හටගත් හදිසි ගින්නකින් එහි ගණකාධිකාරීවරයකු මරුමුවට පත්වී ඇතැයි කඳාන පොලිසිය පවසයි.
මීට අමතරව එම කර්මාන්ත ශාලා ගින්නේ දුමාරය සමඟ ඇතිවූ ශ්වසන අපහසුතා, සුළු ආබාධ හේතුවෙන් කර්මාන්ත ශාලාවට මීටර් 400 ක් දුරින් පිහිටි කඳාන සෙබස්තියන් බාලක හා බාලිකා විදුහල්වල සිසු සිසුවියන් 200 ක් පමණ පිරිසක් ගිලන්රථවලින් හා වාහනවලින් රාගම ශික්ෂණ හා ආනියාකන්ද දිසා රෝහලට ඇතුළත් කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval