
පහළොස් හැවිරිදි සිසුවියක නිවැසියන්ට හොර රහසේ මුහුණු පොතෙන් හඳුනාගත් තරුණයකු සොයා ඇය මුල්ලේරියාව ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදී එම තරුණයා අතින් ඇය දූෂණයට ලක්වී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය විමර්ශන සිදුකර තිබේ. තම දියණිය තනිව නිවසෙන් පිටව ගොස් නැවත නිවසට නොපැමිණීම පිළිබඳ සොයා බලා ඇගේ මව අලුත්ගම පොලිසියට කළ පැමිණිල්ල ඔස්සේ විමර්ශන සිදුකර තිබේ . ඒ අනුව සිදුකළ විමර්ශනවලදී අලුත්ගම පොලිසිය අනාවරණය කරගත් තොරතුරු මත සැකකාර තරුණයා හා එම සිසුවිය අත්අඩංගුවට ගෙන සිදුකළ වැඩිදුර විමර්ශන වලින් අනතුරුව 26 හැවිරිදි සැකකරු මුල්ලේරියාව පොලිසියට භාරදී ඇති බව අලුත්ගම පොලිසිය කියයි.
මෙම තරුණයා හා සිසුවිය අතර මුහුණු පොතේ මිතුදමක් පවත්වා ඇති අතර ඒ අනුව දින කීපයකට පෙර 15 හැවිරිදි සිසුවිය එම තරුණයා සොයා මුල්ලේරියාව ප්‍රදේශයට ගොස් එහිදී ඔහු අතින් ඇය දූෂණයට ලක්වී ඇති බව කියයි. ඒ අනුව එම සිසුවියගෙන් ප්‍රකාශ සටහන් කරගෙන කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර සිද්ධියට සම්බන්ධ සැකකාර තරුණයා මුල්ලේරියාව පොලිසිය මගින් අධිකරණට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව අලුත්ගම පොලිස් ස්ථානාධිපති රාමේෂ් රත්නසිංහම් මහතා පැවසීය.
තුසිත කුමාර ද සිල්වා
Comments
Post a Comment
Your comment will be visible after approval