
අදින් වසර මිලියන 41කට පමණ පෙර මිහිමත වාසය කළ තල්මසෙකුට අයත් බවට සැලකෙන පොසිලයක් සොයා ගැනීමට ඊජිප්තු පාෂාණිකධාතු භූ විද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇතැයි වාර්තා වෙයි.
එසේම මෙම තල්මස් විශේෂය ලොව වාසය කළ කුඩාම තල්මස් විශේෂයක් ලෙසටත් විශ්වාස කෙරේ. ඊජිප්තුවේ තල්මස් නිම්නය ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශයේ තිබී මෙම පොසිලය හමුවී තිබේ. මෙම විද්‍යාඥයන්ට අනුව එම තල්මසා රාත්තල් 412ක් පමණ බරකින් යුක්ත වන්නට ඇතැයි පැවසෙයි. එසේම එම තල්මසාගේ දිග අඩි අටක් පමණ වන්නට ඇතැයි සඳහන් වෙයි. මේ අතර මෙම තල්මස් විශේෂය ඊජිප්තුවේ ටූටන් කාමුන් රජුට දක්වන ගරු කිරීමක් ලෙස Tutcetus rayanensis ලෙස නම් කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval