
ශ්‍රී ලංකාවේ ද භාවිත කරන පැණිරස කාරකයක් වන ඊ-951 දරන ඇස්පාටේම් පිළිකාකාරකයක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් තහවුරු කරගෙන ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ විධායක සභික රෝෂන් කුමාර මහතා පැවසීය. එම පැණි රස කාරකය අඩංගු ආහාර මේ වන විට වෙළෙඳපොළේ බහුලව තිබෙන බව ද ඔහු කීය.
කොළ පැහැති වර්ණයෙන් යුත් පැණි බීම වර්ග බොහොමයක අඩු සීනි සහිත පැණි රස නිෂ්පාදනවල මෙම රසකාරකය අඩංගු බව ද රෝෂන් කුමාර මහතා පැවසීය. විදේශ රටවලින් ආනයනය කරන චොක්ලට් වර්ග, ලොලිපොප් හා වෙනත් රස ආහාරවල ද මෙම රසකාරකය අඩංගු බව ද ඔහු කීය. මෙම රසකාරකය භාවිතය තහනම් කිරීමට සෞඛ්‍ය බලධාරීන් වගබලාගත යුතු බව ද හෙතෙම සඳහන් කළේය.
රංජන් කස්තුරි
Comments
Post a Comment
Your comment will be visible after approval