
අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ අවමංගල්‍ය රථයක් පෙරේදා (15) මධ්‍යම රාත්‍රියේ දී නතර කළ පොලිස් නිලධාරීන් එම රථය පොලිසියට රැගෙන ගිය පසුව එහි මළසිරුරක් තිබෙනු දැක තුෂ්නිම්භූත වූ සිද්ධියක් බොරැල්ල පොලිසියෙන් වාර්තා වේ.බොරැල්ල පොලිසියේ නිලධාරීන් පෙරේදා රාත්‍රියේ බොරැල්ල ඩී.එස්. සේනානායක හන්දියේ රථවාහන රාජකාරියේ නිරතව සිටිය දී අපරික්ෂාකාරී ලෙස ධාවනය වූ අවමංගල්‍ය රථයක් නතර කර එහි රියැදුරු බීමත්ව සිටින හෙයින් රථය පොලිසියට රැගෙන ගොස් ඇත.
අවමංගල්‍ය රථය බොරැල්ල පොලිසියට රැගෙන ගිය පසු එහි රියැදුරු රථයෙන් බැස එහි පිටුපස මළසිරුරක් තිබෙන බව නිලධාරීන්ට පවසා ඇත.එහිදී කලබල වූ පොලිස් නිලධාරීන් මල් ශාලාවට දුරකතන ඇමතුමක් දී වෙනත් අවමංගල්‍ය රථයක් ගෙන්වා මළ සිරුර යවා බීමත් රියැදුරාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇත. එම අවමංගල්‍ය රථය කොළඹ ප්‍රසිද්ධ මල් ශාලාවකට අයත් බවත් එම අවස්ථාවේ අවමංගල්‍ය රථය පදවා ඇත්තේ එහි කළමනාකරුවකු බවත් පොලිසිය පසුව හෙළිකරගෙන ඇත.
බිමල් ශ්‍යාමන් ජයසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval