
ආර්ද්‍රතාව සහ හිරු එළිය ඇතුළු කරුණු හේතුවෙන් මෙරට තුළ ඖෂධවලින් 30%ක් අපතේ යන බවට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ඊයේ (15දා) අනාවරණය විය.
ඒ අනුව ප්ලාස්ටික් බෝතලයක් වැනි විශේෂ රැඳවුමක ඖෂධ තබා ගැනීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී සකස් කිරීමට එහිදී අවධානය යොමුව ඇත.
මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ වූයේ ග්‍රොසරි බෑග්වල බහා ජනතාවට ඖෂධ ලබා දීම හේතුවෙන් ඖෂධවල ගුණාත්මකභාවයට හානි සිදුවන බවයි. සෞඛ්‍ය ලේකම් කාර්යාලයේදී පැවැති මෙම රුස්වීමට ලෝක බැංකු නියෝජිතයෝ ජිනීවාහි සිට අන්තර්ජාලය හරහා එක්ව සිටියහ.
නිදර්ශනි චික්‍රමසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval