
11 හැවිරිදි බාලවයස්කාර ඥාති දැරියක අපයෝජනය කළේ යැයි 84 හැවිරිදි ඥාති සීයා කෙනෙකු පෙරේදා (02දා) අත්අඩංගුවට ගත් බව දොම්පේ පොලීසිය පවසයි.
එම දැරිය නිවසේ සියා සමග තනියම සිටියදී මෙම අපයෝජනය සිදු කොට ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන අතර, දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතව තිබිණි.
දොම්පේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශ්ශංක මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.
කිරිදිවැල - උපාලි රණවීර
Comments
Post a Comment
Your comment will be visible after approval