
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ චැනල් අයි නාලිකාව ස්වර්ණවාහිනි හිමිකරුවන්ට බදුදී ඇති අතර අදාළ ගිවිසුම් අත්සන් කර තිබේ.
මසකට රුපියල් මිලියන 25ක මුදලක් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ලබා දීමට ස්වර්ණවාහිනී වර්තමානයේ හිමි බෙන් හොල්ඩින්ග්ස් ශ්‍රී ලංකා සමාගම අයත් ඉන්දීය lyca mobile සමාගම එකඟවී ඇත.
දිගින්දිගටම පාඩු ලබමින් පවත්වා යන ජාතික රූපවාහිනී සංස්ථාවට මෙය සිය ආර්ථික ගැටලුවට විසඳුමක් ලෙස සලකා ඇති අතර මේවන විට මාධ්‍ය නාලිකා 8 ක පමණ හිමිකාරත්වය දරන බෙන් හොල්ඩින්ග්ස් ආයතනයට සිය දමිළ වැඩසටහන් සංවර්ධනය හා මුදල් ඉපැයීමට මෙය අගනා අවස්ථාවක් වී ඇත.
දිවයින පුරා ආවරණයක් සහිත චැනල් අයි නාලිකාව කාලයක් ක්‍රීඩා තරග විකාශය නිසා අධික ලාභ ලබන නාලිකාවක් බවට පත්ව තිබූ නමුත් පසුකාලීන වෙනස්කම් නිසා පාඩු ලබන්නට වූයේ සහෝදර ජාතික රූපවාහිනිය සමගය.
Comments
Post a Comment
Your comment will be visible after approval