
බොරලැස්ගමුව - වේරහැර - බෝධිරාජපුර ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියදුරෙකු විසින් පසුගිය 8දා රාත්‍රියේ තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙයි.
පොලීසිය සඳහන් කළේ,
මියගොස් ඇත්තේ බෝධිරාජපුර ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි තිදරු පියෙකු බවයි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා තම නිවසට ටිකක් එපිටින් පිහිටි බෝධිරාජපුර පාර අසලදී දුරකථන ඇමතුමකට පැමිණ ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම අවස්ථාවේ ත්‍රිරෝද රථ රියදුරා එම ස්ථානයට පැමිණ ඇති අතර, අනතුරුව දෙපාර්ශවය අතර බහින් බස්වීමක් දුරදිග යාමෙන් ත්‍රිරෝද රථ රියදුරා පිහියකින් ඇන ඝාතනය කර ඇති බව වාර්තා වෙයි.
තුවාල ලැබූ පුද්ගලයා ඥාතීන් විසින් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පැය දෙකකට පසු ඔහු මියගොස් තිබේ.
ඝාතනයට ලක්වූ පුද්ගලයා සහ සැකකරුගේ බිරිඳ අතර ඇතිවූ අනියම් සබඳතාවක් මත මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා බොරලැස්ගමුව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval