
ඇමරිකාවේ ටෙනසි ජනපදයේ සත්වෝද්‍යානයක ලොව දැනට සිටින එකම කැළැල් රහිත ‘රෙටිකියුලේටඩ් ජිරාෆ්
උපත තබා ඇතැයි ඊයේ නිවේදනය කළේය.
ටෙනිසිහි ලයිම්ස්ටෝන් නුවර බ්‍රයිට්ස් සත්වෝද්‍යානය පැවසුවේ ජූලි 31 වන දින ගැහැණු ජිරාෆ් කෙනෙකු මෙලෙස උපත ලද බවයි.
සත්වෝද්‍යාන පාලකයින් විසින් මෙම පැටවා අසාමාන්‍ය වර්ණ ඇති අයෙකු ලෙස හඳන්වා ඇත.
සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ඩේවිඩ් බ්‍රයිට් පැවසුවේ ටොෂිකෝ නම් වූ අවසන් කැළැල් රහිත රෙටිකියුලේටඩ් ජිරාෆ් උපත ලැබුවේ 1972 දී ටෝකියෝ හි උනෝ සත්වෝද්‍යානයේ දී බවයි.
සත්වෝද්‍යානය ජිරාෆ් සඳහා නම් හතරක් සලකා බලයි: කිපෙකී, ෆිරියාලි, ෂකීරි සහ ජමෙල්ලා.
අඟහරුවාදා සිට නම් සඳහා ඡන්දය ප්‍රකාශ කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval