
ලියුකේමියා රෝගය උත්සන්නවී අසාධ්‍යව සිටින ඇමෙරිකා ජාතික දස හැවිරිදි එමා එඩ්වර්ඩ්ස්ගේ ජීවිතයේ සිහිනය ඇය මිය යෑමට පෙර සැබෑ කර දීමට ඇයගේ මවුපියෝ කටයුතු කළහ. එමා එඩ්වර්ඩ්ස් කුඩා කල සිටම ඇයගේ හොඳම මිතුරා වන ඩැනියෙල් මාෂල්ර් සමග විවාහවීමට සිහින මවා ඇත. එමාට ජීවත්වීමට වැඩි කාලයක් නොමැතිවීම හේතුවෙන් ඇයගේ මවුපියන් එමාගේ සිහිනය සැබෑ කර දීමට පසුගිය දා කටයුතු කර ඇත. ඒ අනුව, එමා එඩ්වර්ඩ්ස් සහ ඩැනියෙල් මාර්ෂල් ක්‍රිස්ටෝෆර් විවාහ ගිවිසගෙන ඇති අතර, විවාහ ගිවිස ගැනීමෙන් දින 12 කට පසුව එමා මියගියාය.
විවාහ ගිවිස ගැනීමේ උත්සවයට 100 දෙනකු පමණ සහභාගී වී ඇත. එමාගේ මවුපියන් පවසා ඇත්තේ තම දියණිය ලියුකේමියා රෝගය පරාද කරාවී යැයි තමන් බලාපොරොත්තු වුවත් ඇයට එය කිරීමට නොහැකි බව වෛද්‍යවරුන් තමන්ට දැනුම් දුන් බවයි. ඒ හේතුවෙන් ඇයගේ ජීවිතයේ තිබූ එකම සිහිනය සැබෑ කර දීමට කටයුතු කළ බව එමාගේ මවුපියෝ පවසා ඇත.
විමුක්ති එස් රුද්‍රිගු

Comments
Post a Comment
Your comment will be visible after approval