
පන්තියේදී පැවරූ වැඩ නිවසේදී කරගෙන නොපැමිණි බව කියමින් නාත්තන්ඩිය, කොස්වත්ත ප්‍රදේශයේ විදුහලක දෙවැනි වසරේ සිසුවකුට කොහු මිටකින් අමානුෂික ලෙස පහර දුන් බව කියන ගුරුවරියක අත්අඩංගුවට ගැනීමට කොස්වත්ත පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කර ඇත. පහර කෑමට ලක් වූ සිසුවා මාරවිල රෝහලට ඇතුළත් කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
පහරකෑමට ලක්වූ සිසුවාගේ පිට ප්‍රදේශයේ තැළීම් සලකුණු රැසක් පෙනෙන්නට ඇතැයි පොලීසිය කියයි.
ගුරුවරිය අත්අඩංගුවට ගැනීමට කොස්වත්ත පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරී කණ්ඩායමක් පාසලට ඊයේ (10) ගොස් ඇතත් ඇය සේවය සඳහා නොපැමිණ ඇතැයි පොලීසිය පවසයි.
පහරකෑමට ලක්වූ සිසුවාගේ මව විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සිසුවාගෙන් ද ලබාගත් ප්‍රකාශ මත මෙම ගුරුවරිය අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බව පොලීසිය කියයි. මෙසේ සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයනුයේ මෙම සිසුවාගේ පන්තිභාර ගුරුවරිය බවද පොලිසිය පවසයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval