
ජය ශ්‍රී අයියා මලෝ කවදත් ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට වෙනස් අන්දමේ නිර්මාණ දායාද කරන දෙපළක්. මේ දෙපළගේ දායකත්වයෙන් නිර්මාණය කරපු අලුත්ම නිර්මාණය ‘මතුවෙන්න - The Diamond Story’ පසුගියදා ජය ශ්‍රී යූ ටියුබ් නාලිකාවෙන් එළිදුටුවා.
සමන් අමුණුකන්දගේ පද හා රූප රචනයෙන් වගේම රැප්සිලා (සාරංග දිනේෂ්) ගේ සංගීතයෙන් නිර්මාණය කෙරුණු මේ ගීතය ජය ශ්‍රී රසිකයින්ට ගෙනදෙන්නේ නැවුම් අත්දැකීමක්.‘නොවෙනස් බැඳීම් යළි මතුවන්නට
මතක සිහින අතරින්
කවදත් කොතැනත් රුවිත විඳින්නට
නොමැත කිසි භේදයක්
ජයපැන් බොන්නට
හිතවත් වෙන්නට
අනාගතය දකිනා
යහ මිනිසුන් මැද තුරුම්පු උතුරා ලොවම රසෙන් බැඳෙනා‘
ජයගන්නට හැකි තුරුම්පුවක් වගේ තමන්ගේ හැකියාවන් දියමන්තියක් වගේ ඔපමට්ටම් කරගෙන නැගී සිටින්න කියන ආරාධනය මේ ගීතයෙන් ලාංකේය තාරුණ්‍යය වෙත කරනවා. ඒවගේම, මෙතෙක් කාලයක් ජය ශ්‍රී ලා ගැයූ ගීත වලට නැවුම් මුහුණුවරකුත් මේ ගීතයෙන් දැකගන්නට හැකියි.
ඩයමන්ඩ් තේමාවට අනුව නිර්මාණය වුණු ‘මතුවෙන්න‘ ගීතයේ ආරම්භයේ සිට අවසානය වන තෙක්ම ‘ඩයමන්ඩ්‘ සංකේතය දැකගන්නට හැකියි. ගීතය පුරාම දිස්වන්නේ මේ ඩයමන්ඩ් එකේ අභිරහසයි. මේ ඩයමන්ඩ් සංකේතයෙන් අර්ථවත් වෙන්නේ මොකක්ද කියන එක ගැනත් ජය ශ්‍රී රසිකයින් පහුගියදා විමසලා තිබුණා.
‘මතුවෙන්න‘ ගීතය තුළ ලංකාවේ ලස්සන හා ආකර්ශණීය තැන් ගණනාවක් දිස්වෙනවා. දික්වැල්ල, හිරිකැටිය, නිලාවැල්ල, නිකවැරටිය, යාපනය වගේ අපේ රටේ තියෙන ආකර්ශණීය ස්ථාන ගණනාවක් මේ අතරට අයිතියි. දේශීය හා විදේශීය නිරූපණ ශිල්පීන් රැසක් මෙහි රූප රචනයට දායක වෙලා තියෙනවා.
‘මතුවෙන්න‘ දැකගන්න. පිවිසෙන්න.
https://www.youtube.com/watch?v=S-1ojnwe1qY

Comments
Post a Comment
Your comment will be visible after approval