
අනුරාධපුර ජයන්ති මාවතේ කදිරේෂන් කෝවිල ඉදිරිපිටදී ඊයේ (21 දා) දහවල් සිදු වූ රිය අනතුරකින් මවක සහ දියණියක අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්විය.
එම මාර්ගයේ කඩ 30 දෙස සිට ජයන්ති වට රවුම දෙසට ගමන් කළ ස්කූටරයක්, එම දිශාවටම ගමන් කළ ටිපර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.
අනතුරට පත් ස්කූටරයේ ගමන් කළ මව සහ දියණිය මෙලෙස ජීවිතක්ෂයට පත්විය.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, සමගි මාවත, යාය 14 කොලනිය, කලා ඔය පදිංචි ඩබ්ලිව්. පී. සශිකා දුලානි වීරසිංහ (36) සහ කේ. තිසනි ප්‍රියංසා නමැති 8 හැවිරිදි ඇගේ දියණියයි.
මියගිය මව රාජාංගණය යාය 10 රාහුල විදයාලයේ ගුරුවරියක ලෙස සේවය කරමින් සිටින්නියකි.
අනතුර සම්බන්ධයෙන්, මැදවච්චිය, කැලෑගම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ටිපර් රථ රියදුරා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන අතර, එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.




Comments
Post a Comment
Your comment will be visible after approval