
ඊයේ (17) රාත්‍රියේ හෝමාගම කටුවාන ප්‍රදේශයේ පිහිටි කර්මාන්තපුරයේ තීන්ත කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක් හටගෙන තිබුණි.
තීන්ත නිෂ්පාදනගාරය මෙන්ම ඊට යාබද රෙදි පිළි නිෂ්පාදනගාරයක් ගින්නට හසුවී විනාශ වී ඇති බව වාර්තා විය.
හොරණ, කෝට්ටේ ගිනි නිවන ඒකකය පනාගොඩ යුද හමුදා කඳවුරේ ගිනි නිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසින් එක්ව ගින්න මැඩපවත්වා තිබූ අතර ගිනි නිවන රථ 7 ක් පමණ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක විය.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
ගින්න හේතුවෙන් දේපල හානි රැසක් වාර්තා වන අතර ජීවිත හානි කිසිවක් වාර්තා නොවන බව පොලිසිය තහවුරු කර ඇත.
තීන්ත කර්මාන්ත ශාලාවේ පිහිටි රසායනික ද්‍රව්‍ය ගබඩාවක ගින්න මුලින් ඇතිවන්නට ඇතැයි සැක කෙරේ.
ආරක්ෂක පියවරක් ලෙස හෝමාගම නගරය, කටුවාන ප්‍රදේශ වලට පැමිණීමෙන් වලකින ලෙසත් අවට සිටින පිරිස් වලට මුව ආවරණ පලදින්න ලෙසත් පානීය ජලය ලබාගන්නා ළිං වසා තබන්න ලෙසත් ඊයේ රාත්‍රිෙය්ම දැනුවත් කිරීම් සිදුවිය.
කොළඹ ආපදා කළමනාකරණ ඒකකය සහකාර අධ්‍යක්ෂවරයා විසින් හෝමාගම අවට පදිංචිකරුවන් වෙත මුව ආවරණ පළඳින ලෙසට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබුණි.
හෝමාගම පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Comments
Post a Comment
Your comment will be visible after approval