
අරගලකරුවන් විසින් ගෝල්ෆේස් පිටියට සිදුකරන ලද අලාභය රුපියල් 5,996,484ක් ලෙස ඇස්තමේන්තුගත කර තිබෙන බව පාරිලිමේන්තුවේදී අනාවරණය විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයට ඊයේ (10දා) වරාය, නාවික හා ගුවන් සේවා කටයුතු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සභාගත කළ පිළිතුරේ ම
ේ බව සදහන් කර ඇත.
මෙහිදී අරගලකරුවන් ගෝල්ෆේස් පිටියට සිදුකළ අලාභය සදහා වැය වන සම්පූර්ණ පිරිවැය රුපියල් 3,331,380ක් වන අතර, ඊට උද්ධමනයට හේතුවෙන් සිදු වූ 80%කින් මිල ගණන් ඉහළ යෑමේ පිරිවැය වන රුපියල් 2,665,104ක මුදලද එකතු කර තිබේ.
මෙම සම්පූර්ණ මුදල නැවත අයකර ගැනීම සම්බන්ධ කටයුතු කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් සිදුකරන බවද එම පිළිතුරේ සදහන් කර ඇත.
- දිනේෂ් සමරකෝන්
Comments
Post a Comment
Your comment will be visible after approval