We-will-rise-like-Vietnam---President

අරලියගහ මන්දිරයේ පෙරේදා (29 වැනිදා) පැවැති ‘ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන දිශානතිය’ පිළිබඳ විද්වත් සමුළුව අමතමින් ජනාධිපතිවරයා එහිදී මෙසේ කීවේය.

‘‘ලොව පුරා පැතිරුණු කොවිඩ් වසංගතයේ බලපෑමට ද අපට මුහුණ දීමට සිදු වුණා. ශ්‍රී ලංකාව කොවිඩ් 19 වසංගතයේ දරුණුතම බලපෑමට ලක්වූ රටක් බව කිව යුතුයි. එමගින් අපේ රටේ ආර්ථිකයට ප්‍රබල බලපෑමක් එල්ල වුණා. එසේම සෑම රටක්ම මෙහි බලපෑමට ලක්වූ අතර, ඒ නිසා ගෝලීය ආර්ථිකයේ විශාල පසුබෑමක් ඇති වූ බව අප දන්නවා.



යුරෝපය දෙස අවධානය යොමු කරන විට තවමත් ඔවුන්ගේ ආර්ථිකයේ පසුබෑමක් දක්නට ලැබෙනවා. ආර්ථික කාර්ය සාධනයේ පහත වැටීමක් පැවතියත්, වාසනාවකට මෙන් ඇමරිකා එක්සත් ජනපදය අද ඔවුන් සිටි ස්ථානයේ සිට යම් වර්ධනයක් ලබමින් සිටිනවා. ඒ වගේම චීනය තවමත් යථා තත්ත්වයට පත්වීමට අසමත්ව තිබෙනවා. ඒ අනුව බැලීමේදී ‍ලෝක ආර්ථික වර්ධනයට විශාල බලපෑමක් සිදුව තිබෙනවා.

2019 දී තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා අපට අවශ්‍ය වුණේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට නවයක් පමණ රඳවා ගැනීමයි. නමුත් දැන් මේ පසුබිම යටතේම අපට දේශගුණික විපර්යාස පිළිබඳ ඉලක්ක වෙනුවෙනුත් මුදල් වෙන් කිරීමට සිදුව තිබෙනවා.

අපට තවදුරටත් පෙර සිටි අන්දමින් කුඩා ආර්ථිකයක් ලෙස කටයුතු කළ නොහැකි අතර, අප අපේ ආර්ථිකය පුළුල් කරගත යුතුයි.

එහිදී නව තාක්ෂණික ක්‍රමවේද භාවිත කළයුතු වෙනවා. ඒ වගේම මේ සඳහා අවශ්‍ය විදේශ ආයෝජන සහ ප්‍රාග්ධනය සපයා ගත යුතුව තිබෙනවා.

එසේම අප අනෙකුත් රටවලට බරක් නොවිය යුතුයි. අප තවදුරටත් අන් රටවල් මතම රැඳී නොසිටිය යුතුයි. අපේ රටේ දියුණුව අපම උදාකරගත යුතුයි. ලෝකයේ බොහෝ රටවල් එය සිදු කර තිබෙන අතර යුද්ධයකින් සම්පූර්ණයෙන්ම විනාශ වූ වියට්නාමය ඒ සඳහා උදාහරණයට ගන්නා ලෙස මම ඉල්ලා සිටිනවා.’’