
පසුගිය දින කිහිපය තුළ මෙරට බටහිර වෙරළ තීරයෙහි ගොඩගැසී තිබුණු කැස්බෑවන්ගේ මරණයට හේතු කිසිවක් මේ වන තෙක් අනාවරණය වී නොමැත.
කෙසේ වුවද ලොව වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බටු කැස්බෑවුන්ගේ සිරුරු 10ක් පමණ මෙලෙස ගොඩගසා ඇති බවට අනාවරණය වී ඇති අතර, එම සිරුරුවල පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීම නාරා ආයතනය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට සිදු කරමින් පවතී.
මේ පිළිබඳ අද කළ විමසීමේදී රුහුණ විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යාව පිළිබඳ මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කර සිටියේ අදාළ කැස්බෑවුන් මිය ගොස් ඇති කාල වකවානුව නිශ්චිතව ප්‍රකාශ කිරීමට හෝ කුමන හේතුවක් මත මියගියේද යන්න පිළිබඳ තීරණය කිරීමට පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අත්‍යවශ්‍ය වන බවයි.
නිදර්ශනී වික්‍රමසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval