
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හෘද කැතීටකරණ එක්කය සදහා විශේෂඥ වෛද්‍යවරයකු නොමැතිවීම හේතුවෙන් එම රෝගීන් අදාළ පරීක්ෂණ සදහා කොළඹ රීජ්වේ ළමා රෝහලට මාරු කර යවන බව වාර්තා වේ. මෙම තත්ත්වය හේතුවෙන් එම පරීක්ෂණ නියමිත වෙලාවට කර ගැනීමට නොහැකි වී ඇති අතර එම රෝගීන්ගේ ජීවිත අවදානමකට ලක්ව ඇතැයි ද පැවසේ.
මෙම කටයුත්ත සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන බව ද කියැවේ.
මේ සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ උසස් නිලධාරියකුගෙන් විමසූ විට ඔහු කීවේ ළමා හෘද කැතීටකරණය ඒකකයේ සිටි වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් අයකු රට හැරදා විදේශගතව ඇති බවත් අනෙක් වෛද්‍යවරයා මේ වන විට පුහුණුව සඳහා පිටත්ව ගොස් ඇති බවත්ය. රෝගීන්ගේ මවුපියන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම තත්වය මැඩ පැවැත්වීම සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හෘද කැතීටර් ඒකකය සඳහා වෛද්‍යවරයකු පත් කරන ලෙසයි.
ජී.ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා
Comments
Post a Comment
Your comment will be visible after approval