
රත්නපුර කහවත්ත ඇන්දාන පොලිස් වසමේ පතලක් කඩා වැටී පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබීමක් වාර්තා වී තිබේ.
ඊයේ 31 වන දින දහවල් කාලයේ ඇන්දාන සමරකන්ද ප්‍රදේශයේදී පතල් කැණීම් කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු පස් කන්දක් කඩාවැටීම සිදුව ඇත.ප්‍රදේශවාසීන් ඔවුන් මුදාගෙන ඇන්දාන රෝහල වෙත ඇතුලත් කර නමුත් ඒ වනවිටත් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවට තහවුරු කර ඇත.
මියගොස් ඇත්තේ වයස අවරුදු 42ක්වූ ඇන්දාන වත්ත, කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
තුවාලකරුවන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා කහවත්ත රෝහල වෙත මාරුකර යවා ඇත. මෘත ශරීරය කහවත්ත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. ඇන්දාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval