
මාතර තල්පාවිල මැදි විදුහල් පාසලේ ජල කරාමයෙන් ජලය පානය කිරීමෙන් පසු අසනීප වූ බව පැවසෙන මාතර, තල්පාවිල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන සිසුන් 06දෙනෙකු පෙරේදා (14දා) මාතර මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
07වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් මෙම සිද්ධියට මුහුණපා තිබූ අතර, අදාළ ජලය පානය කිරීමෙන් පසු ක්ලාන්තය සහ වමනය ආදී අසනීප තත්ත්වයක් මතු වූ බව ඔවුන් වෛද්‍යවරුන්ට ප්‍රකාශ කර තිබිණි.
ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත්, මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසු සිසුන් සිවුදෙනෙකුගේ නේවාසික ප්‍රතිකාර අවසන් කර නිවෙස් වෙත පිටත් කර යැවූ බවත් මාතර මඟ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
ඉතිරි සිසුන් දෙදෙනා නේවාසික ප්‍රතිකාර සඳහා යොමුකර තිබූ අතර, මාතර පොලීසිය මෙම සිද්ධිය පිළිබඳ සාඛ්‍ය බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් මාතර මූලස්ථාන පොලිස් පරීක්‍ෂක රොෂාන් හෙට්ටිආරච්චී මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.
ක්‍රිෂාන් ජීවක ජයරුක්
Comments
Post a Comment
Your comment will be visible after approval