
උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට නාඳුනන පිරිසක් පැමිණ සිදු කළ ගිනි තැබීමකින් එහි සිටි තරුණියක මියගොස් තවත් පුද්ගලයන් 09 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ සිදුවීමක් වවුනියාවෙන් වාර්තාවී තිබේ.අද (23) අලුයම වවුනියාව, තෝනික්කල් ප්‍රදේශයේදී මෙම සිද්ධිය වාර්තා වූ බව පොලීසිය පවසයි.
.මියගොස් ඇත්තේ, 21 හැවිරිදි ඕමන්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.ගින්නෙන් තුවාල ලැබූ පිරිස අතර තෝනික්කල් ප්‍රදේශයේ පදිංචි වයස අවුරදු 02ක කුඩා පිරිමි දරුවෙකු, අවුරුදු 07ක හා අවුරුදු 13ක ගැහැණු දරුවන් දෙදෙනෙකු, වයස අවුරුදු 19ත් 41ත් අතර පසුවන කාන්තාවන් 04 දෙනෙකු,
වයස අවුරුදු 42ක පිරිමි පුද්ගලයකු සිටින බව පොලීසිය පවසයි. සාදය පවත්වා ඇත්තේ මියගිය තරුණියගෙ 21 වන උපන්දිනය සැමරීමටය.ඇය එදිනම මරා දැමීමට උවමනාව තිබුනේ කිසියම් පෙම් පළහිලව්වක් මත බවට තොරතුරු ලැබී ඇති අතර පොලිසිය ඒ ගැන පරීක්ෂණ පවත්වමින් සිටී.
Comments
Post a Comment
Your comment will be visible after approval