
සෞඛ්‍ය සේවකයන්ට මාධ්‍ය වෙත තොරතුරු ලබා දීම වලක්වාලමින් පනවා ඇති චක්‍ර ලේඛය අහෝසි නොකිරීමට එරෙහිව ලබන මස 03 වෙනිදා සංකේත වැඩ වර්ජනයක් සිදු කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.
එම චක්‍ර ලේඛය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවද එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ ඊයේ (30දා) කොළඹ දී මාධ්‍ය හමුවක් කැදවමිනි.
සෞඛ්‍ය සේවකයන් හා සිවිල් සක්විධාන එක්ව මෙරට සෞඛ්‍ය සේවාව පිළිබඳව හෙළිදරව් කිරීම් රැසක් සිදු කිරීමට නියමිත බවත්, එළ්ඹෙන 03 වැනිදා ඒ වෙනුවෙන් විශේෂ සමුළුවක් ද පවත්වන බවත් රවී කුමුදේශ් මහතා සදහන් කලේය.
මේ අතර අක්ෂි කාච ලක්ෂයක් මිලදී ගැනීම සදහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සිදු වූ අක්‍රමිකතාවන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වහාම අත්අඩංගුවට ගත යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය ජී.ජී.චමල් සංජිව මහතා පැවසුවේය.
(නවෝද්‍යා පවනි)
Comments
Post a Comment
Your comment will be visible after approval