
රත්නපුර - ඇඹිලිපිටිය මාර්ගයේ ගලහිටිය ප්‍රදේශයේදී අද (30) උදෑසන පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබේ.
කොළඹ සිට මොනරාගල දක්වා ධාවනය වූ බස් රථයක් අද උදෑසන 5ත් 6ත් අතර කාලය තුළදී මාර්ගයේ පෙරළීමෙන් එම අනතුර සිදුව ඇත.
පොලීසිය සඳහන් කළේ රියදුරුට නින්ද යාම මෙම අනතුරට හේතු වී ඇති බවය.
Comments
Post a Comment
Your comment will be visible after approval