
රත්මලාන ගාලු පාර හා හතර වැනි පටුමග ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගන යනු ලැබූ ගණිකා පොළ දෙකක් ගල්කිස්ස පොලිස් දූෂණ මර්දන අංශය විසින් ඉකුත්දා (09) වටලනු ලැබීය. එහිදී කළමණාකාරියන් දෙදෙනකු සහ ගණිකා වෘත්තියට පැමිණ සිටි සුරූපී කාන්තාවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලීසිය කියයි.
ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතාට ලද රහසිගත තොරතුරකට අනුව සිදුකළ ආවේක්ෂණ රාජකාරියෙන් පසු මුදල් ගෙවා සම්බාහනයකට යන මුවාවෙන් පොලිස් උපාය දූතයන් දෙදෙනකු යොදවා මෙම වැටලීම සිදු කරනු ලැබීය. අත්අඩංගුවට ගත් කළමනාකාරියන් දෙදෙනා කටුගස්තොට හා උඩහමුල්ල පදිංචි වයස අවුරුදු 26 හා 39 වන අතර ගණිකා වෘත්තියට පැමිණ සිටි සුරූපී තරුණියන් ගාල්ල, අහංගම, බද්දේගම, කහටලියද්ද, කැකිරාව ප්‍රදේශවල පදිංචි අවුරුදු 26 සිට 38 දක්වා වයස් වල පසුවන අය බවත් පොලීසිය පැවසීය.
මෙම ස්ථානයට ධනවත් ව්‍යාපාරිකයන් හා ප්‍රභූවරුන් රුපියල් 10,000/= සිට 35,000/= දක්වා විවිධ මිල ගණන්වලට තරුණයන් වෙන්කර ගනු ලබන බැවින් එම තරුණියන් කොළඹ ප්‍රදේශයේ ඉහළ පෙළේ රැකියා කරන බව නිවාස වලට කියා පැමිණ ඇති අතර, මසකට එක් තරුණියක් රුපියල් ලක්ෂ තුනකට අධික මුදල් උපයා තම නිවෙස්වලට යවා ඇති බවට තරුණියන් පාපොච්චාරණය කළ බව ද පොලීසිය කීය.
එච්.එම්. ධර්මපාල
Comments
Post a Comment
Your comment will be visible after approval