
නුගේගොඩ නගරයේ විදුලි රැහැන් පොළොව අභ්‍යන්තරයෙන් එළීමේ ව්‍යාපෘතිය අවසන්කර එය ජාතික පද්ධතිය සමග සම්බන්ධ කිරීම අද සිදු විය.
1930 දශකයේ බ්‍රිතාන්‍යයන් කොළඹ නගරය හා ගාලු කොටුවේ විදුලි රැහැන් භූගත කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් පසු ප්‍රධාන නගරයක එම කාර්යය සිදුකල ප්‍රථම අවස්ථාව මෙයයි. ලංකා විදුලි පෞද්ගලික සමාගම එය ක්‍රියාත්මක කර තිබේ. රථ වාහන අනතුරුවලින් සහ අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවන විදුලිය බිද වැටීම් වළක්වා ගැනීමට මේ අනුව හැකි වනවා. විදුලියෙන් සිදුවන අනතුරු වළක්වාගැනීමට මෙන්ම ප්‍රමිතියෙන් යුත් විදුලි සැපයුමක් ලබාදීමට ද මේ අනුව හැකි වෙයි.
විදුලි නඩත්තු කටයුතු ද මේ අනුව පහසු වන බවයි විදුලිබල මණ්ඩලය සදහන් කරන්නේ. මීගමුව නගරයේ මෙහි මීළග පියවර ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
Comments
Post a Comment
Your comment will be visible after approval