
තායිලන්තයට රැගෙන ගිය මුතු රාජා ශ්‍රී ලංකාවේ සත්තු වත්තේදී රැක බලාගත් ඇත් ගොව්වා වන දොන් උපුල් ජයරත්න දෙනෙල්පිටියගේ මහතාට තායිලන්ත රජතුමා සහ රැජින ත්‍යාගයක් පිරිනමා ඇත. උපුල් ජයරත්න මහතා පසුගිය 2 වැනිදා තායිලන්තය බලා පිටත්ව ගොස් ඇත.
ත්‍යාගය පිරිනැමීම සඳහා පැවැති උත්සවයට රජු නියෝජනය කරමින් සහභාගි වූ රජුගේ පෞද්ගලික ලේකම්, එයාර් මාර්ෂල් සෙන්ග්චුටෝ මහතා උපුල් ජයරත්න මහතාට ත්‍යාගය පිරිනමා ඇත. තායිලන්ත ස්වාභාවික සම්පත් සහ පරිසර අමාත්‍යාංශයේදී උත්සවය පවත්වා ඇති අතර, උත්සවයට සහභාගි වූ දෙනිපිටිය මහතා පසුගිය 6 වැනිදා යළි මෙරටට පැමිණ ඇත.
විමුක්ති එස්. රුද්‍රිගු
Comments
Post a Comment
Your comment will be visible after approval