
හතරලියද්ද ටැම්පිට විහාරස්ථානයට යන පාරේ ඊයේ (12) අලුයම සොයාගත් වයෝවෘද්ධ පුද්ගලයා ගැන වැඩිදුර සොයා බැලීමේදී ඒ වෙන කිසිවෙකුත් නොව ටැම්පිට විහාරාධිපති තුන්පනේ පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුද්දෙණියේ සීලරතන හිමියන් බව අනාවරණයවී තිබේ.
මෙම මරණය ගම්වාසීන්ට කම්පනයක් ඇති කළේ හාමුදුරුවන් වෙස්වළාගෙන ගිය ගමනකදී අපවත්වී වදාළ නිසාය.
වැටී මිය ගොස් සිටි අවස්ථාවේ සරමක් සහ ටීෂර්ටයක් හැඳ සිට ඇති අතර තොප්පියක්ද පැළඳ සිටි බව පොලිසිය කියයි.විහාරාධිපති හිමියන්ගේ අතේ එළවළු මල්ලක් ද තිබී ඇති අතර මෙය ඝාතනයක් ද එසේත් නොමැති නම් වෙනත් හේතුවක් මත මියයාමක් ද යන්න පැහැදිලි නැත.
නාගහමුල කන්ද මාර්ගයේ වැටී අපවත්ව සිටියදී අලුයම ගම්වාසීන්ගේ දැනුම් දීම අනුව පොලීසිය විසින් සොයාගත් සිරුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අරඹා ඇත. දේහය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (12) සිදු කිරීමටද පශ්චාත් මරණ පරීක්‍ෂණය මහනුවර රෝහලේදී අද (13) සිදු කිරීමටද නියමිතව තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval