
ඩිල්මා තේ සමාගමේ නිර්මාතෘ හා හිටපු ප්‍රධාන විධායක නිලධාරී දේශමාන්‍ය මෙරිල් ජෝශප් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයනවිට ඔහුගේ වයස 93කි.
ඩිල්මා හි ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් 2019 දී ඔහු ඉවත් වූ ප්‍රනාන්දු ඔහුගේ පුත් දිල්හාන් ප්‍රනාන්දු එම තනතුරට පත් විය.
මීගමුව පල්ලන්සේන ගම් පළාතකරගත් ඔහු මාරිස් ස්ටෙලා විද්‍යාලයේ හා කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ ආදි සිසුවෙකු විය.
සාමාන්‍ය ධනවත් පවුලක උපත ලැබූ මෙරිල් ජේ. ප්‍රනාන්දු සිය මුල් අධ්‍යාපනය සඳහා කොළඹට ගොස් සිය සේවා කාලය පුරාම එහි රැඳී සිටි අයෙකි.තේ කර්මාන්තය බ්‍රිතාන්‍යයන්ගේ පාලනයට නතු වූ කාලයේ තේ රස පරීක්ෂකයෙකු ලෙස ඔහු වැඩ කළේය. ඔහුගේ මුල් අභිලාෂය වූයේ නීතිඥයෙකු වීමයි.නමුත් ඔහුට ජිවිතය වෙනස් කරගන්නට විරල අවස්ථාවක් ලැබුණි. තේ රස පරීක්ෂකවරුන් ලෙස පුහුණුව සඳහා බ්‍රිතාන්‍යයන් බඳවා ගත් පළමු සිසුන් 6 දෙනාගෙන් කෙනෙකි.
Merrill J. Fernando ගේ ලොකුම ජයග්‍රහණය වන්නේ තම රටේ තේ කර්මාන්තයේ සූරා කෑමෙන් මිදී තම තේ, ලොව පුරා ගෙන යාමයි.දිල්මා සහ එහි අනුබද්ධ ව්‍යාපාරවල බදු පෙර ලාභයෙන් අවම වශයෙන් 15%ක්, ආබාධිත දරුවන්ට, ආන්තික ප්‍රජාවන්හි තරුණ තරුණියන්ට පෝෂණය, අධ්‍යාපනය, රැකවරණය සහ ආධාර සැපයීම සඳහා යොදා ගන්නා ඔහුගේ MJF පුණ්‍යායතනයේ කාර්යය අගය කළ යුත්තකි.
Comments
Post a Comment
Your comment will be visible after approval