
ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබේ.
විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසා සිටියේ, ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 204කින් පහත දැමු බවත් එහි නව මිල රුපියල් 2,982ක් වන බවත්ය.
කිලෝග්‍රෑම් 5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 83කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,198ක් ලෙසත්, කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 37කින් පහත දමා ඇති අතර එහි නව මිල 561ක් ලෙසත් පහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ.
මෙය ලිට්‍රෝ ගෑස් සමාගම අඛණ්ඩව පහත දැමූ සිව්වන වතාව වන බවත් මුදිත පීරිස් මහතා පැවසීය.
මේ අතර ලබන වසරේ ජනවාරි මාසය වනවිට මාබිම කර්මාන්ත ශාලාව ගෑස් සිලින්ඩර 50,000ක් නිකුත් කිරීම සඳහා විවෘත කිරීමට නියමිත බව ද මුදිත පීරිස් මහතා පැවසීය.
දිනෙන් දින ගෑස් පරිභෝජනය වැඩිවීම හේතුවෙන් එම තීරණය ගත් බවත් පැවසු ඒ මහතා මේ වනවිටත් එහි වැඩකටයුතු ආරම්භ වී ඇතැයි ද කියා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval