
මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීමේ වරදකට අත්අඩංගුවට පත්ව රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි සැකකරුවෙකු කොටහේන බ්ලූමැන්ඩල් වීටීවී හල් නිවාස සංකීර්ණයේ පස්වන මහළින් අත්විලංගු සමග බිමට පැන මියයාමේ සිදුවීමක් වාර්තාවේ.
මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 5 ශ්‍රී සිද්ධාර්ථ පාර පදිංචිව සිටි සත්‍යා අගිලන් නමැති තිස් එක් හැවිරිදි පුද්ගලයෙකි.
මිය ගිය සැකකරු ඉකුත් 29 වැනි දින වෙරලබඩ පොලිස්ස්ථානය මගින් හෙරොයින් මත්කුඩු මිලිගෑම් 5010ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත භාරදී තිබියදී මෙම අනතුර වී ඇත. සැකකරු අත් විලංගු සහිතව එම මහල් නිවාස සංකීර්ණයේ පස්වන මහලේ කොරිඩෝව හරහා රැගෙන යමින් සිටියදී බිමට පැන ඇති බව පොලිසිය කියයි.
වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් සැකකරු කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval