
ඉතාලියේ ප්‍රසංග වේදිකාවල ගීත ගායනා කළ ශ්‍රී ලාංකික තරුණයකු වකුගඩු රෝගී තත්වයකට මිලානෝ පිහිටි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී පෙරේදා (16) මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ මාරවිල කටුනේරියේ පදිංචිව සිටි ප්‍රසාද් පෙරේරා නමැති තරුණයෙකි.
ඉතාලියේ මිලානෝ නගරයේ පදිංචිව සිටිමින් රැකියාවක් කරන අතරවාරයේ මෙම තරුණයා ශ්‍රී ලාංකික ගායකයන්ගේ පැරණි ගීත කාලයක සිට ප්‍රසංග වේදිකාවල ගායනා කර ඇත. ඉතාලි ජාතිකයන් පවා ඔහුගේ ගීත ඇසීමට ප්‍රිය කළ බව දැනගන්නට ඇත. වකුගඩු රෝගයෙන් පීඩා විඳිමින් සිටි ඔහු ප්‍රතිකාර ලබන අතරේ පවා ප්‍රසංග වේදිකාවල ගීත ගායනා කර ඇත.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval