
හේවාහැට රහතුන්ගොඩ රිවඬේල් ප්‍රදේශයේ මවක සහ කුඩා දැරියක පසුගිය 17 වැනිදා සිට අතුරුදන්ව ඇති බවට ඇයගේ සැමියා හඟුරන්කෙත පොලීසියට පැමිණිල්ලක් කර ඇත. මෙසේ අතුරුදන්ව ඇත්තේ, වයස අවුරුදු විසි දෙකක් වන වෙල්ලේඅම්මා සුරේන්ඩ්‍රනි රාණි හා වයස අවුරුදු එකයි මාස හතක් වන තරුෂිකා අබි නමැති ඇයගේ දියණිය බව පොලීසිය කියයි.
ඇය රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීමට දැරිය ද සමග රිකිල්ලගස්කඩ රෝහලට ගිය බවත්, ඔවුන් මේ වනතෙක් නිවෙසට නොපැමිණි බවත්, ඇයගේ සැමියා වන මෝහන්සුන්දරම් සම්පත් කුමාර් නමැත්තා පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ. ඇය ඉකුත් 17 වැනිදා බස් රථයෙන් රිකිල්ලගස්කඩ නගරයට ගිය බවත්, නගරයේ සිටිනු දුටු බව කිහිප දෙනකු තමාට පැවැසූ බවත්, සැමියා කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත. හඟුරන්කෙත පොලීසිය සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වයි.
ඩබ්ලිව්.ඒ. අසේල
Comments
Post a Comment
Your comment will be visible after approval