
ජ්‍යෙෂ්ඨතාවට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට දේශීය හෝ විදේශීය රැකියා සඳහා වැටුප් රහිත නිවාඩු ලබාදීමට අගමැති ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර,ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.
ඒ අනුව 2023/07/13දින රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022(III) යටතේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් කේ.ඩී. එන්. රංජිත් අශෝක මහතාගේ අත්සනින් එකී චක්‍රලේඛය නිකුත් කර ඇත. එම චක්‍රලේඛයේ සඳහන් උපදෙස් පළාත් රාජ්‍ය සේවය තුළ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය වන ක්‍රියාමාර්ග ආණ්ඩුකාරවරුන්ගේ උපදෙස් හා අනුමැතිය මත පළාත් ප්‍රධාන ලේකම්වරුන් විසින් හඳුන්වාදීමට නියමිතය.
රජයේ අරමුදල් මත ක්‍රියාත්මක වන රාජ්‍ය ව්‍යවසායන්හි නිලධරයන්ට මෙම විධිවිධාන අදාළ කර ගැනීම සම්බන්ධයෙන් වන උපදෙස් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කිරීමට නියමිතය.
ජ්‍යෙෂ්ඨතාවට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන සේ රාජ්‍ය නිලධාරීන්ට දේශීය හෝ විදේශීය රැකියා සඳහා වැටුප් රහිත නිවාඩු ලබාදීම පිළිබඳ අවධානය යොමු කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබිණි.
නවෝදක පවනි
Comments
Post a Comment
Your comment will be visible after approval