
සබරගමුව විශ්වවිද්‍යාලයේ පැවැති උපාධි ප්‍රදානෝත්සවයේදී උපාධිය ලබා ගත් තරුණියක් යාපනයේ සිය නිවසට පැමිණීමෙන් පසුව 29 දා ගෙළ වැළලාගෙන මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ වඩුක්කෝඩෙයි සෂිපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි සත්කුණරත්නම් කෞෂිකා නමැති 27 හැවිරිදි තරුණියකි.
මියගිය තරුණියගේ මව හා පියා පවුල් ආරවුලක් හේතුවෙන් වෙන වෙනම ජීවත් වන අතර උපාධි ප්‍රදානෝත්සවයේදී එම තරුණිය සිය දෙමව්පියන් දෙදෙනාම එම උත්සවයට රැගෙන ගොස් තිබේ.
ඔවුන් සියලු දෙනාම ආපසු පැමිණීමෙන් පසුව පවුලේ ආරවුල් යළි උත්සන්න වීමෙන් පසුව ඇය දැඩි මානසික කම්පනයකට පත් වීමෙන් පසුව සිය නිවසේදීම ගෙළ වැළලාගෙන මිය ගොස් තිබේ.
මියගිය තරුණියගේ මළ සිරුර වඩුක්කෝඩෙයි පොලිසිය විසින් වඩුක්කෝඩෙයි රෝහලට බාර දී ඇති අතර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
දිනසේන රතුගමගේ
Comments
Post a Comment
Your comment will be visible after approval