
කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී ඇසේ ශල්‍යකර්මයක් කළ 35 හැවිරිදි දෙදරු මවක ශල්‍යකර්මයෙන් පසු සිහිය නොලබාම මියගොස් ඇතැයි කොළඹ අක්ෂි රෝහලෙන් වාර්තා වේ. මෙසේ මියගොස් ඇත්තේ කොස්ගොඩ
බොරලුකැටිය දකුණ පදිංචි එච්.ජී. හිමාලි ප්‍රියදර්ශනී වීරසිංහ නමැති දෙදරු මවකි. මියගිය කත මීට පෙර කොළඹ ජාතික අක්ෂි රෝහලෙන් ඇසට කාචයක් දමාගෙන ඇති අතර ශල්‍යකර්මය කළ ඇගේ ඇසේ ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් ඇය යළි පෙරේදා (4) අක්ෂි රෝහලේ වෛද්‍යවරුන්ට පෙන්වා ඇතැයි කියයි.
එහිදී වෛද්‍යවරුන්ගේ නියමයකට අනුව යළි එම ඇසේ ශල්‍යකර්මයක් කිරීමට එදිනම රෝහලට ඇතුළත් වී ඇති අතර ඇයට ඊයේ 5 වැනිදා ශල්‍යකර්මයකට භාජනය කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. එසේ ශල්‍යකර්මය සිදු කිරීමෙන් පසු ඇය සිහි නොලබාම මියගොස් ඇතැයි පවුලේ ඥාතීහු පවසයි. ශල්‍යකර්මය කිරීමට ඇයට ලබාදුන් නිර්වින්දන ඖෂධය හේතුවෙන් මරණය වන්නට ඇතැයි පවුලේ ඥාතීහු සැක කරති.
හේමන්ත ද සිල්වා
Comments
Post a Comment
Your comment will be visible after approval