
වේයන්ගොඩ, නයිවල මංසන්ධියේ කුලුන මත නැග මිනුවන්ගොඩ පොලීසියට එරෙහිව විරෝධය පළ කළ පුද්ගලයෙකු වේයන්ගොඩ උපපොලිස් පරීක්ෂකවරයෙකු එම කුලුනට නැග විරෝධතාකරු කරේ තබාගෙන පහළට ගෙනවිත් ඊයේ (19දා) අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය පවසයි.
නොකළ වරදකට තම පුතා අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය චෝදනා නගා අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කළා යැයි පවසමින් පියෙකු ඊයේ (19දා) පස්වරුවේ වේයන්ගොඩ නයිවල මංසන්ධියේ පිහිටි කුලුන මත නැග ඊට විරෝධය පළ කළේය.
රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකරු මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ උඩුගම්පලප්‍රද්ශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු බව හෙළිවිය.
පසුගිය 12වැනිදා තම පුතා මිතුරන් පිරිසක් සමග උඩුගම්පල මිනුවන්ගොඩ මාර්ගයේ යතුරුපැදි තනි රෝදයෙන් ගමන් කිරීමේදී මිනුවන්ගොඩ පොලීසියෙන් අත්අඩංගුවට ගත් බවත්, පසුව මත්ද්‍රව්‍ය චෝදනා නගා අධිකරණයට ඉදිරිපත් කළ බවත් තරුණයාගේ මව මෙහිදී පැවසුවාය.
තම පුතාට යතුරුපැදියක් නොමැති බවත් මිතුරන් විසින් යතුරුපැදි තනි රෝදයෙන් ගමන් කිරීම සිදුකළ අවස්ථාවේ මිනුවන්ගොඩ පොලීසියෙන් එම ස්ථානයට පැමිණ නිකරුණේ තම පුතා අත්අඩංගුවට ගෙන ඇතැයි මව වැඩිදුරටත් පැවසුවාය.
මීරිගම - කාන්ති
Comments
Post a Comment
Your comment will be visible after approval