
එංගලන්තයේ විම්බල්ඩන් හිදී ලෑන්ඩ් රෝවර් රථයක් පාසල් වැටක් කඩාගෙන ගොස් සිදුවූ අනතුරක් නිසා අට හැවිරිදි දැරියක මියයාමේ කම්පිත සිදුවීමක් වාර්තාවී තිබේ
මියගිය සෙලීනා ලෝ නමැති දැරිය “සියලු දෙනාගේම ආදරයට” ලක් වූ තැනැත්තියක බව ඇගේ පවුලේ අය පවසා තිබේ.
The Study Preparatory School භූමියට මෝටර් රථයක් කඩා වැටීමෙන් සිදුවූ මෙම අනතුරින් ඇය මිය ගිය අතරම මාස හතක් වයසැති දැරියක් ඇතුළු කිහිප දෙනෙකු රෝහල් ගත කර ඇත.
අට හැවිරිදි තවත් දැරියක් සහ 40 හැවිරිදි කාන්තාවක් තවමත් අසාධ්‍ය තත්ත්වයේ පසුවේ.
මීට පෙරත්, අනතුරුදායක ලෙස රිය පැදවීමෙන් මරණයක් සිදු කළ බවට සැකපිට අත්අඩංගුවට පත්වූ තැනැත්තියක මෙහි රියදුරුවරිය වූ අතර 46 හැවිරිදි කාන්තාව අත්අඩංගුවට පත්ව ඇත. ඇය ජූලි මස අග දක්වා රිමාන්ඩ් කර ඇත. අනතුර නිසා රියදුරු වරියට ඇත්තේ සුළු තුවාල පමණි.
පාසලේ වාර අවසාන තේ පැන් සංග්‍රහයක් පවත්වමින් සිටියදී ලෑන්ඩ් රෝවර් රථය වැට හරහා ගොස් ගොඩනැගිල්ලකට කඩා වැටී ඇත.
සිද්ධියෙන් පසු ලන්ඩන් ගිලන් රථ සේවාව ගිලන්රථ 15ක් එම ස්ථානයට යවා 16 දෙනෙකුට ප්‍රතිකාර කළේය. දොළොස් දෙනෙක් රෝහලට ගෙන යාම සිදුකර තිබේ.
මිය ගිය අට හැවිරිදි දැරියගේ පවුල සහ ජීවිත අවදානම් තත්ත්වයේ පසුවන අට හැවිරිදි දැරියගේ පවුලේ සාමාජිකයන් දෙදෙනාම වෙනුවෙන් බොහෝ අය කණගාටුව පළ කර තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval