
දින 03 කට පෙර අතුරුදන්වූ හොරණ, අඟුරුවාතොට රත්මල්ගොඩ ප්‍රදේශයේ ජීවත්වූ මවගේ සහ බිළිඳියගේ මළ සිරුරු කැළෑවක තිබියදී අද සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි එක්දරු මවක් සහ මාස 11ක් පමණ වයසැති ඇයගේ බිළිඳියක්. පොලීසිය පැවසුවේ මෙය ඝාතනයක් බවට සැකකරන බවයි.
ඔවුන්ගේ සිරුරු අද සොයාගැණුනේ ඔවුන් ජීවත්වූ නිවසට මීටර් 600ක් පමණ ඈතින් වූ කැළෑ ප්‍රදේශයක තිබියදීයි. ඒ, ප්‍රදේශවාසීන් හා පොලීසිය සිදුකළ සෝදිසි මෙහෙයුමකදීයි. පොලීසිය පැවසුවේ සිරුරු දෙක සොයාගන්නා අවස්ථාවේදී සතුන් විසින් මළසිරුරුවලට හානි සිදුකර තිබූ බවයි.
මෙම බිළිඳිය සහ ඇගේ මව පසුගිය 18 වනදා පස්වරුවේ සිට අතුරුදන්ව ඇති බවට සැමියා විසින් අඟුරුවාතොට පොලීසියට පැමිණිල්ලක් කර තිබුණා. සිද්ධිය සම්බන්ධනේ සැකකරන්නේ මියගිය කාන්තාවගේ ස්වාමියාගේ ඥාති සොහොයුරෙකුයි. කෙසේවෙතත් ඔහු මේ වන විට පළාගොස් ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval