
දින දෙකකට පෙර සැකකටයුතු ලෙස අතුරුදන් වූ 24 හැවිරිදි රූමත් තරුණ මව සහ ඇයගේ මාස 11ක් වයසැති බිලිදිය සෙවීමට අඟුරුවාතොට පොලීසියට අමතරව විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ මහතා පැවසීය.මෙලෙස අතුරුදන්ව ඇත්තේ
අඟුරුවාතොට, ඌරුතුඩාව ප්‍රදේශයේ පදිංචිව සිටි එම්. වාසනා කුමාරි සහ ඇයගේ එකම දියණිය වන ටශ්මි දිලන්යා නමැති දෙදෙනකු බව ඔහු කීවේය. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොලිස් භාරයට ගෙන සිටි, අතුරුදන් වූ කාන්තාවගේ ඥාතියකු වන හිටපු හමුදා සෙබළකු ප්‍රශ්න කර මුදා හැරිය බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කීවේය.අතුරුදන් වූ කාන්තාවගේ සැමියා ඉකුත් 18 වැනිදා රාත්‍රියේ අඟුරුවාතොට පොලිසියට පැමිණ තම බිරිය සහ මාස 11ක් වයසැති දියණිය අතුරුදන්ව ඇති බවත්, සවස් වරුවේ තම මස්සිනා ද නිවසට පැමිණ ඇති බවත් පවසමින් පැමිණිලි කර ඇත. හොරණ පොලිස් නිල සුනඛ අංශයේ කොස්තාපල් ( 88399 ) ශ්‍රීනාත් මහතා භාරයේ සිටින බෲනෝ නිල සුනඛයා එම නිවසට ගෙන්වා අතුරුදන් තරුණ මව පාවිච්චි කරන තුවාය ඉව ඇල්ලීමට සැලැස්වීම සඳහා නිවස පුරා සොයා බැලුවද එය හමුවූයේ නැත. මේ අතර තරුණ මව සහ මාස 11ක් වයසැති බිලිඳියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් බුද්ධි නිලධාරීහුද පරීක්ෂණ පවත්වති.
බිමල් ශ්‍යාමන් ජයසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval