
කෘෂි වන වගාව පිළිබඳ පරේක්ෂණ ව්‍යාපෘතියක් වෙනුවෙන් දුන් මෝටර් රථය ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු කෘෂිකාර්මික පරික්ෂණ ප්‍රතිපත්ති සභාවට බාර නොදී ව්‍යාපෘතියේ විද්‍යාඥයකු ලෙස කටයුතු කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු සිය පෞද්ගලික පරිහරණයට යොදාගෙන ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ.
වාහනය ලබාදී තිබෙන්නේ කෘෂි වන වගාව පිළිබඳ පරීක්ෂණ සඳහා ජාත්‍යන්තර මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව අතර ඇති කරගත් කෘෂි වන වගාව පිළිබඳ අවබෝධතා ගිවිසුම අනුව ආරම්භ කළ ව්‍යාපෘතියක් වෙනුවෙනි. මෙම වාහනය ලියාපදිංචි කර තිබෙන්නේ ද අදාළ ව්‍යාපෘතිය නමින් බව ද එම වාර්තාවේ සඳහන් වේ. මෙම තොරතුරු ඇතුළත් වන්නේ කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව පිළිබඳව සිදු කළ විගණන වාර්තාවකය.
මුදිතා දයානන්ද
Comments
Post a Comment
Your comment will be visible after approval