Negombo-hospital-incident

වෛද්‍යවරයකුගේ කරට බලු දම්වැලක් දමා පසුව පහරදී රෝහලේදී දණගැස්ස වූ බව කියන හිටපු ගුවන් නියමුවකු දැඩි ඇප  කොන්දේසි මත සහ රුපියල් 2500ක මුදල් ඇප හා රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇප මත මුදාහැරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්‍ෂ මහතා නියෝග කළේය. තම සුරූපී බිරිඳට අයුතු යෝජනා ඉදිරිපත් කර ඇය සමග අනියම් සම්බන්ධයක් ගොඩනගා ගැනීමට එම වෛද්‍යවරයා උත්සාහ කරන බවක් මිග් ගුවන්යානා ප්‍රහාර ඒකකයේ හිටුප ගුවන් නියමුවකු වන සැකකරු පොලිසියට ප්‍රකාශ කර තිබිණි.



පහරකෑමට ලක්ව ඇත්තේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ මානසික වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයෙකි. එම වෛද්‍යවරයා ගුවන් නියමුවාගේ බිරිඳට නිතර නිතර දුරකතන ඇමතුම් දෙන බවත් පෙම්බස් දොඩමින් රාත්‍රී කෑම සඳහා කැඳවාගෙන යෑමට උත්සහ ගන්නා බවත් විමර්ශනවලදී හෙළි වී තිබේ. විත්තිකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ප්‍රීමාල් අමරසිංහ සහ ඉන්දික සිල්වා යන මහත්වරු කරුණු ඉදිරිපත් කළහ. මහේස්ත්‍රාත්වරයා සැකකරුට ඇප නියමකර නඩුව සමථ මණ්ඩලයට යොමු කළේය. මීගමුව පොලිසියේ සැරයන් (35402) මුජිත් රන්දුනු මහතා පැමිණිල්ලේ විභාගය මෙහෙය විය.
විමල් කීර්ති