
පොලිස් විශේෂ කාර්ය බළකායේ බුත්තල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් දින තුනක් තිස්සේ ඩ්‍රෝන තාක්ෂණයෙන් සිදුකළ වැටලීම්වලදී ගංජා හේන් දෙකක්, බෙහෙත් කොටන තුවක්කුවක් සහ බෝර 12 තුවක්කුවක් සමඟ සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. යාල රක්ෂිතය තුළ "දඹේ" ප්‍රදේශයේ අක්කරයකින් පමණ යුත් එක් ගංජා වගාවක ගංජා ගස් 24,000 සමග 30 හැවිරිදි ගාමිණී පුර තණමල් විල පදිංචි අයකුද, අක්කර තුන්කාලක් පමණ වූ අඩි තුනක් පමණ උසැති ගංජා වගාවක ගංජා ගස් 18,000 සමඟ සර්වෝදය පාර තණමල්විල පදිංචි 27 හැවිරිදි අයෙකුද,
මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් සමග ලන්දවත්ත ඕලුආර වලස්මුල්ල පදිංචි 36 හැවිරිදි අයෙකුද, මෙරට නිෂ්පාදිත බෝර 12 තුවක්කුවක් සමග කිඹුල්ලෑව බුදුගේකන්ද කන්දේගෙදර පදිංචි 18 හැවිරිදි අයෙකුද යාල රක්ෂිතය තුළ දී ඉකුත් (02) වෙනිදා මෙලෙස අත්අඩංගුවටගෙන තිබේ.
සැකකරුවන් සහ නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ගෝනගංආර පොලිසියට භාරදී ඇත. පොලිස් විශේෂ කාර්ය බළකායේ බුත්තල කඳවුරේ උ.පො.ප. ආර්.යූ සේනදාස මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම් සිදුකර ඇත.
බඩල්කුඹුර - රවිඳු ගුණතිලක
Comments
Post a Comment
Your comment will be visible after approval