
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ.
මීට වසර 7 කට පෙර 2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම
තුළින් මහජන පීඩාවක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඒ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මෙම වරෙන්තුව නිකුත් කර ඇත.
මෙම නඩුවේ තවත් විත්තිකරුවකු වන වීරකුමාර දිසානායක මහතා ද අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් නීතිඥවරයා විසින් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.
අනතුරුව එම නඩුව සැප්තැම්බර් මස 11 වනදා දක්වා කල්තැබීමට නියම කෙරුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval