
වසර අටක් තිස්සේ ආදරය කළ පෙම්වතිය ගෙල වැලලාගෙන සියදිවි නසා ගැනීම පිළිබඳව සිත්තැවුලට පත් තරුණයෙකු දවස් විස්සකට පසු පසුගිය 24 වැනිදා ගෙල වැලලාගෙන ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැලිගෙපොළ පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වැලිගෙපොළ, නින්දකුඹුර පදිංචි ව සිටි කවිස ඉසිවර නමැති වයස අවුරුදු විසිදෙකක තරුණයෙකි.
සිද්ධිය වූ දින සන්ධ්‍යාවේ වැලිගෙපොළ නගරයේ කරුණයාට අයත්ව වසා තිබූ වෙළෙඳ සැලක් තුළදී මෙලෙස මියගොස් සිටි බව පොලිසිය පවසයි. ඔහු ලොරි රථයකින් පොල් වෙළෙඳාමේ නිරත වූ තරුණයෙකි.
අක්කරගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි මියගිය තරුණයාගේ 20 හැවිරිදි පෙම්වතිය පසුගියදා ඇගේ පියා සමඟ ඇති කරගෙන තිබූ ආරවුලක් මුල් කර ගෙන ගෙල වැලලාගෙන මිය ගොස් ඇත.
ඇගේ හදිසි වියෝව පිළිබඳව පෙම්වතා දැඩි කනස්සල්ලෙන් සිට ඇති අතර පෙම්වතියගේ මියයාම පිළිබඳව තරුණයා සිය ෆේස්බුක් ගිණුමේද සටහන් පළ කර තිබී ඇත.
" ඇය සමඟ දුර ගමනක් යන්න ගොඩක් බලාපොරොත්තු තබාගෙන සිටියක් ඇගේ වෙන්වීම දරාගත නොහැකියි." ඔහු එහි දක්වා තිබුණි.
මියගිය තරුණයාගේ මරණය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය පෙරේදා (25) කහවත්ත මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ඉදිරියේ පැවැත්වූ බව ද වැලිගෙපොළ පොලිසිය පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval