vijitha-herath-speaks

ජනතා විමුක්ති පෙරමුණෙහි පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් විජිත හේරත් මහතා මෙසේ පැවසීය.

"සල්ලි නෑ කියන කතාව සම්පූර්ණ බොරු. ලිපියකින් දැනුම් දීලා ඉල්ලා සිටියා මේ මැතිවරණය සඳහා කොටස් වශයෙන් අප්‍රෙල් 17 වෙනිදා වෙනකොට කෝටි 246ක් ලබා දෙන්න කියලා. ඒක එකවර ඉල්ලුවෙත් නැහැ. ඒකට පිළිතුරු විදියට මුදල් අමාත්‍යංශ ලේකම් පිළිතුරක් එවනවා, ඒ සල්ලි දෙන්නම් කියලා කිව්වා.

නමුත් අපි විමසලා බැලුවා මහා භාණ්ඩාගාරේ මුදල් තත්වේ.

ජනවාරි මාසේ පෙබරවාරි මාසේ සඳහා වෙච්ච අත්මුදල් වාර්තාව. ජනවාරි මාසේ රුපියල් කෝටි දාහත්දාස් හත්සිය අනූවක් මුදල් වශයෙන් ආදායම් ලැබිලා තියෙනවා. රාජ්‍ය ආයතන සතුව කල මුළු ගෙවීම් ගත්තම කෝටි පහලොස් දහස් හයසිය හැත්තෑ පහක්. ජනවාරි මාසේ විතරක් රුපියල් කෝටි දෙදාස් එකසිය හතළිස් එකක ඉතිරියක් තියෙනවා. පෙබරවාරි මාසේ කෝටිහද්දාස් එකසිය හැත්තෑ පහක් ආදයම් ලැබිලා තියෙනවා. පෙබරවාරි 28 වෙනකොට ඉතිරි වෙලා තියෙන මුදල කෝටි හයදාස් තුන්සිය දහතුනක්. නිල වාර්තාවට අනුව හරි පැහැදිලියි ජනවාරි පෙබරවාරි මාස දෙකේ ඉතුරු වෙලා තියෙනවා කෝටි අටදාස් හාරසිය විසි හතක්. මැතිවරණය සඳහා කෝටි 246ක් දෙන්න විදියක් නෑ කියලා තමයි මෙච්චර කෙකර ගගා ආණ්ඩුව කල් මරමින් ඉන්නේ.

දැනටමත් අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගොනු කරලා තියෙනවා. ඒ වගේම ලබන සතිය තුළ  අපි නව නඩුවක් ගොනු කරනවා. මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම මුදල් ලැබෙන්න පෙරාතුව කරලා තියෙන්නේ."