
ත්‍රිරෝද රථ රියැදුරකුගේ දියණියක සමඟ පවත්වාගෙන යන ප්‍රේම සම්බන්ධතාව නතර කරන්නැයි බලකරමින් පාසල් සිසුවකුට කිතුල් පොල්ලක් පෙන්වා මරණ තර්ජනය කර ඌරාපොල බුදුමැදුර අසල සෑහෙන වේලාවක් දණගස්වා තබන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිසුවාගේ මව එම ත්‍රිරෝද රථ රියැදුරාට එරෙහිව පෙරේදා (27) පැමිණිල්ලක් කළ බව අත්තනගල්ල පොලීසිය පවසයි.
බුදුමැදුර අසල දණගස්වා සිටිය දී කිසියම් පුද්ගලයකු ජංගම දුරකථනයකින් එය වීඩියෝ කර එම දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බැවින් එම දර්ශන දැක තම පුත්‍රයා කම්පනයට සහ දැඩි ලෙස සිත් වේදනාවට පත්ව ඇති බව කාන්තාව කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි පොලිසිය කියයි.
මෙම සිසුවා මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටී. සිද්ධියට මුහුණ පෑ සිසුවාගෙන් ද ප්‍රකාශයක් ලබාගෙන ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම සිසුවා දණ ගස්වන ලද බව කියන ත්‍රිරෝද රථ රියැදුරා සහ එහි වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදා හළ පුද්ගලයා ගැන තොරතුරු අනාවරණය කරගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට ද අත්තනගල්ල පොලිසිය පරික්ෂණ පවත්වයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval