
ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට මුහුදු පතුලට යද්දී පිපිරි විනාශ වුණු ‘ටයිටන්’ නමැති කුඩා සබ්මැරීනයේ කොටස් මෙන්ම එහි ගමන් කළ පස් දෙනාගේ යැයි සැක කෙරෙන අස්ථි කොටස් කිහිපයක්ද හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇමෙරිකා සහ කැනඩා වෙරළාරක්ෂකයන් මැදිහත් වී, කිමිඳුම් යානා යවා, සබ්මැරීනයේ සුන්බුන් සහ එම අස්ථි කොටස් ගොඩ ගත් බවත් සබ්මැරීනයේ ඇතැම් කොටස් කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් දුපතේ ශාන්ත ජෝන්ස් වෙරළාශිත නගරයට රැගෙන ආ බවට රූපවාහිනී රූප රාමුවල පෙනෙන්නට තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. අත්ලාන්තික් සාගරයේ ගිලී ගිය ටයිටැනික් නැවේ සුන්බුන් ඇත්තේ ශාන්ත ජෝන්ස් නගරයේ සිට කිලෝ මීටර් 6 ක් දුරින්, මීටර් 3,800ක මුහුදු පතුලේය.
ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට සංචාරකයන් රැගෙන කිමිදෙද්දී, පිපිරී විනාශ වුණු ටයිටන් සබ්මැරීනය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද මේ වනවිට ආරම්භ වී ඇත. ඒ ඇමෙරිකන් වෙරළාරක්ෂකයන්ගේ මැදිහත්වීමෙනි. කැනඩාවේ, ප්‍රංශයේ බ්‍රිතාන්‍යයේ සහායද එම මෙහෙයුම්වලට හිමිවෙයි. මුහුදේ පතුළට කිමිදෙද්දී පීඩනයට හසුවී පොඩි පට්ටම් වන්නට ඇතැයි සැක කෙරෙන ටයිටන් සබ්මැරීනය පුපුරා විනාශ වූ බව තහවුරු කළේ ඇමෙරිකන් නාවික හමුදාවයි. සබ්මැරීනය පුපුරා යන්නට ඇත්තේ පසුගිය 19 වැනිදා යැයි ද පැවැසෙයි. සබ්මැරීනය අතුරුදන් වූයේ ද එදිනය. ද සබ්මැරීනය අතුරුදන් වූ අවස්ථාවේ, ඇමෙරිකන් නාවික හමුදාවට ඔවුන්ගේ සෝනාර් තාක්ෂණය ඔස්සේ පිපිරීම් හඬක් අසන්නට ලැබුණු බවද ප්‍රකාශ කළහ.
එරට නාවික හමුදාව එම පිපිරුම් හඬ කුමක්දැයි තහවුරු වූයේ, පසුගිය 22 වැනිදා රොබෝ කිමිඳුම් යානයක් ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් කොටස් මීටර් 3,800 ක් මුහුදු පතුලේ ටයිටැනික් නැවේ සිට මීටර් 400 ක් දුරින් හමුවීමෙනි.
කිමිඳුම් යානා යොදා ගනිමින් ගොඩගැනීම සිදු වූයේ එම සුන්බුන් කොටස්ය. මුහුදු පතුලේ පීඩනයට හසුවී ටයිටන් සබ්මැරීනය පොඩි පට්ටම් වී පුපුරා ගියේ නම් එසේ පිපිරෙන්නට ඇත්තේ සබ්මැරීනයේ කිසියම් පැල්මක් තිබුණු නිසා යැයි ඇමෙරිකන් නාවික හමුදාව සැක කරයි. මේ වන විට ටයිටන් සබ්මැරීනයේ ප්‍රමිතිය සහ ආරක්ෂාව සම්බන්ධයෙන්, ටයිටන් සබ්මැරීනය අයත් ඕෂන්ගේට් එස්පෙඩිෂන්ස් ඇමෙරිකන් සමාගමට චෝදනා එල්ල වීමට පටන්ගෙන ඇත.
ඕෂන්ගේට් එස්පෙඩිෂන්ස් සාගර ගවේෂණ සහ පරේක්ෂණ සමාගමකි. ඕෂන්ගේට් එක් පෙඩිෂන්ස් සමාගම, 1921 වසරේ මුහුදුබත් වුණු ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට සංචාරකයන්රැගෙන යන්නේ එක් සංචාරකයකුගෙන් ඇමෙරිකන් ඩොලර් 250,000 ක මුදලක් අය කරමිනි. ටයිටන් සබ්මැරීනය අනතුරට ලක්වීම මුල් කරගනිමින් ඕෂන්ගේට් එක්පීඩිෂන්ස් සමාගමේ අනාගතය මේ වනවිට අනතුරේ බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. පිපිරි විනාශවෙද්දී, ටයිටන් සබ්මැරීනයේ ඕෂන්ගේට් එල්පෙඩිෂන්ස්' සමාගමේ ප්‍රධානී 61 හැවිරිදි ස්ටොක්ටන් රෂ් විය. යානයේ නියමුවා ලෙස කටයුතු කළේ නර්ජෝලෙට්ය.
77 හැවිරිදි ඔහු ප්‍රංශ නාවික හමුදා විශ්‍රාමික නිලධාරියෙකි. නාර්ජොලෙට්, අවස්ථා ගණනාවකදී ටයිටැනික් නැවේ සුන්බුන් ගවේෂණයට ගිය අයෙකි. සංචාරකයන් ලෙස ගමනට එක් වී සිටියේ බ්‍රිතාන්‍ය බිලියනපති 58 හැවිරිදි හමීෂ් හාර්ඩිං ය. ඊට අමතරව, බ්‍රිතාන්‍ය පාකිස්තාන ජාතික කෝටිපති ව්‍යාපාරික 48 හැවිරිදි සුලෙයිමාන් දාවුද් සහ ඔහුගේ 19 හැවිරිදි පුතු සුලෙයිමාන් ද සබ්මැරීනයේ සිටියහ.

Comments
Post a Comment
Your comment will be visible after approval